“Samanmalgama” at Weeriyagama, Sooriyawewa in Hambantota district is the 108th model village vested in the public under the New Village Reawakening Programme. This village was open to public by Hon.Sajith Premadasa, Minister of Housing and Construction on 19.08.2018.
The construction activities of “Samanmalgama” village consisted of 26 new housing units were begun on 30th of December 2016. The National Housing Development Authority has given housing loans at low interest to the beneficiaries to construct houses in this village and it is also a model village constructed under the Community Participatory Housing Development Programme.
The total extent of this village is 3.5 acres. Every housing unit in this village has an area of 20 perches in extent. This village has been provided with clean water, electricity, formally constructed access and an internal road system.
In the ceremony of entrusting the “Samanmalgama” model villages to the public, following benefits were facilitated to the people
• Housing titles were given to 26 recipient families in “Samanmalgama” village.
• Scattered housing loan cheques worth Rs.10 Million were granted to 100 low income families in the area.
• Occupational tool kits, uniforms and subjects related text books amounted to Rs.6.25Mn. were supplied to 120 trainees selected for the construction industry training under the “Shilpa Saviya” Programme.
• Housing aids worth Rs.10.5Mn. were given to beneficiaries under the “Community based Police” housing programme.
• Chairs were given to housing Society of “Samanmalgama” villege.
• Spectacles were given to individuals with visual impairments in the area.
• Indigenous medical clinic and kidney disease clinic were conducted.
නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 108 වැනි උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, වීරියගම ඉදිවූ “සමන්මල්ගම” වේ. මෙම ගම්මානය 2018.08.19 වන දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කරන ලදී.

නව නිවාස 26 කින් සමන්විත “සමන්මල්ගම” ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ 2016 දෙසැම්බර් මස 30 වැනිදාය. ගම්මානයේ නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙයද ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“සමන්මල්ගම” ගම්මානයේ මුළු භුමි ප්‍රමාණය අක්කර 3.5 ක් වන අතර ගම්මානයේ සෑම නිවසක්ම පර්චස් 20 ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍ර‍වේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය.

මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී පහත සඳහන් ප්‍රතිලාභ ද ප්‍රදේශවාසි ජනතාවට හිමිවිය.

ගම්මානයේ නිවාසලභී පවුල් 26 සඳහා නිවාස හිමිකම් පත් ලබා දීම.
ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 100ක වටිනාකමින් යුතු “විසිරි නිවාස” ණය චෙක්පත් ලබා දීම.
“ශිල්ප සවිය” වැඩසටහන යටතේ ඉදිකිරීම් පුහුණුව සඳහා තෝරාගත් අභ්‍යාසලාභීන් 120 දෙනෙකුට රුපියල් ලක්ෂ 62.5 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල‚ විෂයානුබද්ධ පෙළපොත් සහ නිල ඇඳුම් කට්ටල ප්‍රදානය.
ප්‍රජා පොලිස් නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 105 ක් වටිනා නිවාස ආධාර ලබා දීම.
ප්‍රදේශයේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා ඇස් කණ්නාඩි ප්‍රදානය.
“සමන්මල්ගම” ගම්මානයේ නිවාස සමිතිය සඳහා පුටු ලබා දීම.
වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක් පැවැත්වීම.
... See MoreSee Less

View on Facebook

 

 

 

Pin It on Pinterest