“ආනන්දපුරම්” ජනතා අයිතියට පැවරීම

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 161 වැනි උදා ගම්මානය මඩකළපුව දිස්ත්‍රික්කයේ පෝර්තිව්පත්තු, තම්පන්කේනි, ඉදිවූ “ආනන්දපුරම්” වේ. මෙම ගම්මානය 2019.01.28 වන දින නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කරන ලදී.

නව නිවාස 25 කින් සමන්විත “ආනන්දපුරම්” ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ 2017 මැයි මස 09 වැනිදාය. ගම්මානයේ නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙයද ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“ආනන්දපුරම්” ගම්මානයේ මුළු භුමි ප්‍රමාණය අක්කර 3.31 ක් වන අතර ගම්මානයේ සෑම නිවසක්ම පර්චස් 20 ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍ර‍වේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය.

මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී පහත සඳහන් ප්‍රතිලාභ ද ප්‍රදේශවාසි ජනතාවට හිමිවිය.

  • ගම්මානයේ නිවාසලභී පවුල් 25 සඳහා නිවාස හිමිකම් පත් ලබා දීම.
  • ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 150 ක වටිනාකමින් යුතු “විසිරි නිවාස” ණය චෙක්පත් ලබා දීම.
  • ප්‍රතිලාභීන් 160 දෙනෙකුට රුපියල් ලක්ෂ 1200 ක වටිනාකමින් යුතු  නිවාස ආධාර ලබා දීම.
  • ප්‍රතිලාභීන් සඳහා RDB බැංකුව මගින් ස්වයං රැකියා ණය ප්‍රදානය.
  • කලාකරුවන් සඳහා වෛද්‍ය ආධාර ලබා දීම.
  • ප්‍රදේශයේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා ඇස් කණ්නාඩි ප්‍රදානය.
NMD3038 NMD3050 NMD3055 NMD3056 NMD3066 NMD3080 NMD3086 NMD3135 NMD3173 NMD3190 NMD3192 NMD3209 NMD3214 NMD3416 NMD3457 NMD3461 NMD3465 NMD3482 NMD3493 NMD3503 NMD3529 NMD3538 NMD3546 NMD3552

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest