ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ මතුවී ඇති අභියෝග සහ යෝජිත කි‍්‍රයාමාර්ග පිළිබද සාකච්ජාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සදහා අවශ්‍ය ගල්, වැලි සහ පස් ලබාගැනීමේ බලපත‍්‍ර එකම ස්ථානයකින් නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ මතුවී ඇති අභියෝග සහ යෝජිත කි‍්‍රයාමාර්ග පිළිබද අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකට එක්වෙමිනි.

ගල්, වැලි සහ පස් සදහා බලපත‍්‍ර ලබාදීම රජය නවතා දමා ඇති බවට ගෙන යන ප‍්‍රචාර පිළිබද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය වැරදි මතයක් බවයි. එහෙත් ගල්, වැලි සහ පස් ලබාගැනීමේදී ජාවාරම්කාර ව්‍යාපාරිකයින් විසින් සිදුකරන අක‍්‍රමිකතා මැඩලීමට රජය පසුගිය කාලයේ තීරණ කිහිපයකට එළැඹුණු බව සදහන් කළ ජනාධිපතිතුමා ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සදහා අවශ්‍ය ගල්, වැලි සහ පස් සුදුසු ස්ථානවලින් ලබාගැනීම පිළිබද කිසිදු තහනමක් පනවා නොමැති බව කියා සිිටියේය.

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සදහා අවශ්‍ය වැලි, ගල් සහ පස් ලබාගැනීමේදී අතරමැදියන්ගෙන් තොරව ඒවා ලබාගැනීම සදහා අදාළ ආයතන වෙතම බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

දේශීය ඉදිකිරීම් කර්මාන්තය දිරිගැන්වීම සහ ප‍්‍රවර්ධනය සදහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක්කෙරිණි.

කොන්ත‍්‍රාත්කරුවන් වෙත නියමිත ගෙවීම් ප‍්‍රමාදවීම වැනි ගැටලූ පිළිබදව ද අවධානය යොමු වූ අතර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ ප‍්‍රතිපාදන අනුව අරමුදල ස්ථාපනය කරමින් කුඩා පරිමාණ කොන්ත‍්‍රාත්කරුවන් නගා සිටුවීම, කර්මාන්තයට අදාළ පර්යේෂණ සිදුකිරීම, පරිසර හිතකාමී හා පිරිවැය කාර්යක්ෂම ඉදිකිරීම් තාක්ෂණ ක‍්‍රම හදුන්වාදීම, ඉදිකිරීම් ශිල්පීන්ට විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ හා දීර්ඝකාලීන රක්ෂණාවරණ සැලසීම වැනි සමාජ ආකර්ෂණ ක‍්‍රම හදුන්වාදීම පිළිබදව ද අවධානය යොමු කෙරිණි.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය සදහා කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම පිළිබදව ද සාකච්ජාවට ලක්වූ අතර ඉදිකිරීම් ශිල්පීන්ගේ හිගය පියවීම සදහා දැනට කි‍්‍රයාත්මක වැඩසටහන් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සදහා අවශ්‍ය වැලි ගංගාවලින් සපයා ගැනීමේදී සිදුවන විශාල පරිසර හානිය පිළිබදව ද මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරුණු අතර ගංගා වැලි භාවිතය අඩු කරමින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සදහා මුහුදු වැලි භාවිතය ප‍්‍රචලිත කිරීම හා මුහුදු වැලි සකස් කිරීමට පෞද්ගලික ආයෝජන දිරි ගැන්වීම පිළිබදව ද අවධානය යොමු කළහ.

විදේශ ආයෝජන ව්‍යාපෘති සදහා දේශීය ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට අවස්ථාව ලබාදීම, දේශීය ඉදිකිරීම් ව්‍යාපෘති සදහා විදේශීය ඉදිකිරීම් සමාගම්වල සහභාගිත්වය අවම කිරීම වැනි කරුණු පිළිබදව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත සිල්වා, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු ආර්.එම්. ජෙයචන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් හා පෞද්ගලික ඉදිකිරීම් සමාගම් රැුසක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest