ඉදිකිරීම් ප්‍රදර්ශනය – 2017

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ජාතික ඉදිකිරීම් ප්‍රදර්ශනය-2017 ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2017.08.25 දින පෙරවරු 10.00 ට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා ගරු අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, වජිර අබේවර්ධන හා චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් 2001 වර්ෂයේ සිට මේ දක්වා සෑම වර්ෂයකම මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කර ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ භාවිතවන නිෂ්පාදන හදුන්වා දීම, නව තාක්ෂණය හඳුන්වා දීම වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුනර්ජීවය සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ වේ.
මෙම ප්‍රදර්ශනය 2017.08.25 දින සිට 2017.08.27 දින දක්වා මහජනතාවට දැකබලා ගැනීම සදහා විවෘතව පවතී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest