ඉන්දියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි නව නිවාස 600 ක් සහ දකුණු පළාත තුළ තවත් නව නිවාස 600 ක් “සැමට සෙවන – ග්‍රාම ශක්ති ආදර්ශ ගම්මාන” වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම 44 වන උදා ගම්මානය වන හම්බන්තොට, සිරිබෝපුර ඉදිවූ, “සන්තෝස ගම” ජනතා අයිතියට පත් කරන උත්සවයට සමගාමීව සිදු කරන ලදී.

මෙහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.කේ.කේ. අතුකෝරළ මැතිණියත් ඉන්දියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මැතිතුමාත් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මේ යටතේ ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාව තුළ නව නිවාස 1200 ක් ඉදිකර ගැනීම සඳහා රුපියල් මිලියන 600 ක මූල්‍ය ආධාරයක් ප්‍රධානය කෙරේ.

මෙම අවස්ථාව සඳහා ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි යන මහත්වරුන්ද ඉන්දිය කොන්සල් ජනරාල් ප්‍රේම් කුමාර් නායර්, ඉන්දියානු සංවර්ධන සහයෝගීතා උපදේශක ඩී. මංජුනායක යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest