“නවතිස් සමරුගම” ජනතා අයිතියට පැවරීම

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 39 වැනි සංවත්සරය නිමිති කරගෙන ජනතා අයිතියට පත් කරන ලද 54 වැනි උදා ගම්මානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ඉදි වූ “නවතිස් සමරුගම” වේ. මෙම ගම්මානය  2018/04/02 දින ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පවරන ලදී.

නව නිවාස 25 කින් සමන්විත ”නවතිස් සමරුගම ” ගම්මානයේ ඉදිකිරීම ඇරඹුණේ 2016 මැයි මස 13 වැනිදාය. ගම්මිනයේ නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙයද ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“නවතිස් සමරුගම” ගම්මානයේ භුමි ප්‍රමාණය අක්කර 3.5 ක් වන අතර ගම්මානයේ සෑම නිවසක්ම පර්චස් 20 ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය. මේ සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 266කි.

ගම්මානය ජනතා අයිතියට පැවරීමේ උත්සවයේදී පහත සඳහන් ප්‍රතිලාභද ප්‍රදේශවාසි ජනතාවට හිමිවිය.

  • නිවාසලභී පවුල් 25 සඳහා නිවාස හිමිකම් පත් ලබා දීම.
  • ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 112ක වටිනාකමින් යුතු “විසිරි නිවාස” ණය චෙක්පත් ලබා දීම.
  • ප්‍රතිලභීන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 200ක් වටිනාකමින් යුතු “සොඳුරු පියස” නිවාස ණය ලබා දීම.
  • “ශිල්ප සවිය” ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් පුහුණුව සඳහා තෝරාගත් අභ්‍යාසලාභීන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 50ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, විෂයානුබද්ධ පෙළපොත් සහ නිල ඇඳුම් කට්ටල ප්‍රදානය
  • වකුගඩු රෝගීන් 50දෙනෙකුට රුපියල් ලක්ෂ 124 ක නිවාස ආධාර ප්‍රදානය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest