“බෝසෙවණගම” ජනතා අයිතියට පැවරීම

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 155 වැනි උදා ගම්මානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල, සේරුනුවර, ඉදිවූ “බෝසෙවණගම” වේ. මෙම ගම්මානය 2019.01.20 වන දින නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කරන ලදී.

නව නිවාස 25 කින් සමන්විත “බෝසෙවණගම” ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ 2016 මැයි මස 12 වැනිදාය. ගම්මානයේ නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙයද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“බෝසෙවණගම” ගම්මානයේ මුළු භුමි ප්‍රමාණය අක්කර 4.5 ක් වන අතර ගම්මානයේ සෑම නිවසක්ම පර්චස් 20 ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍ර‍වේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය.

මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී පහත සඳහන් ප්‍රතිලාභ ද ප්‍රදේශවාසි ජනතාවට හිමිවිය.

  • ගම්මානයේ නිවාසලභී පවුල් 25 සඳහා නිවාස හිමිකම් පත් ලබා දීම.
  • ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 200 ක වටිනාකමින් යුතු “විසිරි නිවාස” ණය චෙක්පත් ලබා දීම.
  • ප්‍රතිලාභීන් 200 දෙනෙකුට රුපියල් ලක්ෂ 1000 ක වටිනාකමින් යුතු නිවාස ආධාර ලබා දීම.
  • ප්‍රතිලාභීන් 25 දෙනෙකුට රුපියල් ලක්ෂ 50 ක වටිනාකමින් යුතු  “සොඳුරු පියස” නිවාස ණය ප්‍රදානය.
  • ප්‍රතිලාභීන්  සඳහා රුපියල් ලක්ෂ 177 ක් වටිනා “විරුසුමිතුරු” නිවාස ආධාර ප්‍රදානය.
  • ප්‍රතිලාභීන් සඳහා RDB බැංකුව මගින් ස්වයං රැකියා ණය ප්‍රදානය.
  • ප්‍රදේශයේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා ඇස් කණ්නාඩි ප්‍රදානය.
NMD7417 NMD7430 NMD7433 NMD7448 NMD7450 NMD7460 NMD7492 NMD7508 NMD7540 NMD7546 NMD7557 NMD7589 NMD7611 NMD7626 NMD7633 NMD7660 NMD7665 NMD7723 NMD7798 NMD7805 NMD7808 NMD7832 NMD7836 NMD7855 NMD7897 NMD7907 NMD7961 NMD7964 NMD7968 NMD7994 NMD7996 NMD8018 DJI-0018 DJI-0022

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest