යුද්ධයෙන් පූර්ණ දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වූ සැරයන් ජේ.ඩී.පී.රවීන්ද්‍ර රණවිරුවා වෙත නිවසක් පරිත්‍යාග කිරීම.

වසර 2009 මැයි මස 05 වැනිදා පුතුකුඩිරිප්පුහි ක්‍රියාන්විත රාජකාරියේ නියුතුව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පූර්ණ දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්වූ යුද හමුදාවේ 10 වැනි ගජබා රෙජිමේන්තුවේ සැරයන් ජේ.ඩී.පී.රවීන්ද්‍ර රණවිරුවාට මොරටුව, අඟුලාන”සයුරුපුර” නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා නව නිවසක් පරිත්‍යාග කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 2018/04/09 දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

 

මෙම උත්සව අවස්තාව සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest