“රන්මල්විලගම” ජනතා අයිතියට පැවරීම

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 56 වැනි උදා ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, සමගිපුර, ඉදිවූ “රන්මල්විලගම” වේ. මෙම ගම්මානය 2018/04/11 වන දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කරන ලදි.

නව නිවාස 25 කින් සමන්විත “රන්මල්විලගම” ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ 2016 මැයි මස 30 වැනිදාය. ගම්මානයේ නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙයද ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“රන්මල්විලගම” ගම්මානයේ භුමි ප්‍රමාණය අක්කර 4.5 ක් වන අතර ගම්මානයේ සෑම නිවසක්ම පර්චස් 15 ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍ර‍වේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය. මේ සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 22 කි.

මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී පහත සඳහන් ප්‍රතිලාභ ප්‍රදේශවාසි ජනතාවට හිමිවිය.

  • ගම්මානයේ නිවාසලභී පවුල් 25 සඳහා නිවාස හිමිකම් පත් ලබා දීම.
  • ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 100ක වටිනාකමින් යුතු “විසිරි නිවාස” ණය චෙක්පත් ලබා දීම.
  • ප්‍රතිලභීන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 200ක් වටිනාකමින් යුතු “සොඳුරු පියස” නිවාස ණය ලබා දීම.
  • “ශිල්ප සවිය” ව්‍යාපෘතිය යටතේ ඉදිකිරිමි පුහුණුව සඳහා තෝරාගත් අභ්‍යාසලාභීන් 160 දෙනෙකුට රුපියල් ලක්ෂ 85 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, විෂයානුබද්ධ පෙළපොත් සහ නිල ඇඳුම් කට්ටල ප්‍රදානය
  • ප්‍රදේශයේ දෘශ්‍යාබාධ පුද්ගලයන් 100 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි ප්‍රදානය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest