“රළජයපුර” ජනතා අයිතියට පත් කිරීම

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 65 වැනි උදා ගම්මානය ගාල්ල දිස්ත්‍රික්කයේ රජ්ගම, සිරිකඳුරවත්ත ඉදිවූ “රළජයපුර” වේ. මෙම ගම්මානය 2018.05.07 වන  දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කරන ලදී.

නව නිවාස 41 කින් සහ සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලද නිවාස 89 ක් ඇතුලුව නිවාස 130කින් සමන්විත “රළජයපුර” ගම්මානය 2004 සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ විශේෂ ව්‍යාපෘතියකි.

“රළජයපුර” ගම්මානයේ සෑම නිවසක්ම පර්චස්  8-10 ක ගෙවත්තකින් සමන්විත වන අතර ගම්මානය විදුලිය හා  පිරිසිදු පානීය ජල සැපයුමකින්ද‚ විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය. මේ සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 63.2 කි.

ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී පහත සඳහන් ප්‍රතිලාභ ද ප්‍රදේශවාසී ජනතාවට හිමිවිය.

  • ගම්මානයේ නිවාසලාභී පවුල් 130 සඳහා නිවාස හිමිකම් පත් හා සින්නක්කර ඔප්පු ලබා දීම.
  • ස්වශක්ති “දිරියට දිරියක්” ස්වයං රැකියා මූල්‍ය ණය ප්‍රදානය.
  • ස්වයං රැකියා ප්‍රවර්ධනය වෙනුවෙන් මහන මැෂින් ප්‍රදානය .
  • ස්ව ශක්ති ප්‍රජා සමිතිය සඳහා පුටු ප්‍රදානය.
  • ප්‍රදේශයේ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් 50 දෙනෙකු වෙත රුපියල් 100‚000/= ක් වටිනා ඇස් කණ්නාඩි ප්‍රදානය.
  • රාජ්‍ය බැංකු හා එක්ව ළමුන් සඳහා ඉතුරුම් ගිණුම් ප්‍රදානය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest