ලෝක ජනාවාස දිනය – 2017

සෑම වසරකම ඔක්තෝම්බර් මස පළමු සඳු දින ලෝක ජනාවාස දිනය ලෙස නම් කර ඇති අතර මෙවර ලෝක ජනාවාස දින උත්සවය මාතර සනත්ජයසූරිය ක්‍රීඩාංගණයේදී 2017.10.02 දින නිවාස හා ඉදිකිරීම් ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මැතිතුමා හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන්ගේ හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනෙහි ශ්‍රී ලංකා වැඩසටහන් කළමනාකරු ආචාර්ය චානක තල්පහේවා මැතිතුමා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

  • මෙහිදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 1,000 ක “විසිරි නිවාස ණය” ප්‍රදානය.
  • ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව සදහා තෝරාගත් තරුණ තරුණියන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 38 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් සහ විෂයානුබද්ධ පෙළපොත් ප්‍රදානය.
  • ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ පාඨමාලාව සම්පූර්ණ කළ තරුණ තරුණියන් 133 දෙනෙකුට වෘත්තීය සහතික පත්‍ර ප්‍රදානය.
  • ප්‍රතිලාභීන් 123 දෙනෙක් සඳහා ලක්ෂ 246 ක් වටිනා ‘සැමට සෙවණ – සොදුරු පියස’ ණය චෙක්පත් ප්‍රදානය.
  • ප්‍රතිලාභීන් 50 දෙනෙකු සඳහා ලක්ෂ 194 ක් වටිනා ‘සැමට සෙවණ ’ නිවාස ආධාර ප්‍රදානය.
  • පවුල් 116 ක් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය.
  • ප්‍රතිලාභීන් 25 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 133 ක් වටිනා ‘විරු සුමිතුරු’ නිවාස ආධාර ප්‍රදානය.
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පැවැත්වූ දීප ව්‍යාප්ත චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහක දරු දැරියන්ට තිළින හා සහතිකපත් ප්‍රදානය.
  • නාගරික ජනාවාස හා සංවර්ධන අධිකාරිය විසින් පැවැත්වූ චිත්‍ර, නාට්‍ය හා රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට තිළින හා සහතිකපත් ප්‍රදානය.
  • මාතර දිස්ත්‍රික්කයේ මොරවක පදිංචි උස පැනීමේ ඉසව්වෙන් ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගත් මංජුල කුමාර ක්‍රීඩකයාට මොරටුව අඟුලාන “සයුරුපුර” මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 42 ක් වටිනා නිවසක් පරිත්‍යාග කිරීමද සිදු කෙරුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1985 වසරේ ප්‍රකාශයට පත් කරනු ලැබූ ලෝක ජනාවාස දිනය 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝම්බර් මස පළමු සඳුදා දින සැමරීම සිදු කෙරේ. ඔක්තෝම්බර් 2 දිනට යෙදුණු මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වන්නේ “සරිලන නිවසක – උරුමය සැමට” යන්නයි.


 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest