විද්වත් සමුළුව

මාතර නගරය හා දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන වත්මන් නිවාස සංවර්ධන වැඩපිළිවෙළ හා යෝජිත නිවාස සංවර්ධන වැඩපිළිවෙළේ වෘත්තිකයින්, නිලධාරීන් හා මහජන නියෝජිතයින් සහභාගී වූ විශේෂ වැඩසටහනක් 2017/10/03 දින මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ගරු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී මාතර දිස්ත්‍රික්කය තුල වර්ථමානයේ ක්‍රියාත්මක නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන සැලසුම් කිරීම හා එහි ඉදිරි වාර්ෂික සැලසුම් සම්බන්ධයෙන්ද සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාව සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest