“විසිරි නිවාස ණය” ප්‍රදානය කිරීම – කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි තෝරාගත් පවුල් 1234 ක් සඳහා රුපියල් මිලියන 151 ක වටිනාකමකින් යුතු “සැමට සෙවණ – විසිරි නිවාස ණය” ලබා දීමේ විශේෂ වැඩසටහනක් ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බන්ඩාරණායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2017.08.30 දින පෙරවරු 9.30 ට කුරුණෑගල නගරශාලාවේදී පවත්වන ලදී.
මෙහිදී වකුගඩු රෝගී පවුල් 50 ක් සඳහා සිය නිවෙස් ඉදිකරගැනීමට හෝ අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීම සඳහා රුපියල් මිලියන 14 ක නිවාස ආධාර ලබා දීමද සිදු විය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest