“විසිරි නිවාස ණය” ප්රදානය කිරීම – කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් 1100 ක් සඳහා ස්වකීය නිවෙස්වල වැඩ නිමකර ගැනීම හෝ අළුත්වැඩියා කටයුතු නිමකර ගැනීම සඳහා “සැමට සෙවණ – විසිරි නිවාස ණය” පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් 2017.08.29 වන දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙහිදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විසින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි සකස් කරන ලද “නිවාස අවශ්‍යතාවය පිළිබඳ සමීක්ෂණය – 2016” වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත පිළිගන්වන ලදී.
මෙම අවස්ථාව සඳහා නිවාස හා ඉදිකිරීම් ගරු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මැතිතුමා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්, ජාතික නිවාස හා සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගීවිය.