“විසිරි නිවාස ණය” ලබා දීම – කෑගල්ල දිස්ත්‍රික්කය

“සැමට සෙවන – විසිරි නිවාස ණය” වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 600 කට රුපියල් 83,000,000.00(මිලියන 83) මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.10.11 දින පෙරවරු 10.00 ට බුලත්කොහුපිටිය නගරයේ සුගත විසුද්ධාරාම විහාරස්ථානයෙදී පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ (අරණායක නාය යාමෙන් විපතට පත් ප්‍රදේශ ඇතුළු) පවුල් 300 ක්, රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 100 ක්, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 100 ක් සහ රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 100 ක් සඳහා ප්‍රතිලාභ හිමි කර දෙන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest