විහඟි සෂෙන්කා ක්‍රීඩිකාවට නිවසක් පිරිනැමීම.

කරාටේ ක්‍රීඩාවෙන් විශිෂ්ට දස්කම් දක්වා ඇති ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය උසස් පෙළ ශිෂ්‍යාවක් වන පී.ජී.විහඟි සෂෙන්කා ක්‍රිඩිකාවට ඇයගේ ජයග්‍රහණ ඇගයීම හා ඉදිරි පුහුණු කටයුතුවලට පිටිවහලක් වනු පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් 2018.05.30 වන දින අඟුලාන “සයරුපුර”මහල් නිවාස සංකීර්ණයෙන් නව නිවෙසක් පිරි නැමීම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. විහඟි සෂෙන්කා ක්‍රිඩිකාව 2015, 2016 සහ 2017 වසරවලදී පොදු රාජ්‍ය මණ්ඩලීය, දකුණු ආසියානු හා ආසියානු කරාතේ තරඟවලදී ශ්‍රී ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම් හිමි කර දී තිබේ.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest