වෘත්තීය උපකරණ කට්ටල බෙදා දීම – යාපනය දිස්ත්‍රික්කය

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් ක්‍රියාත්මක කරනු ලබන “ශිල්ප සවිය” වැඩසටහන යටතේ පුහුණුව ලැබූ යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 318 දෙනෙකුට සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 80 දෙනෙකුට වෘත්තීය උපකරණ කට්ටල් සහ නිල ඇඳුම් ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් 2017.08.12 දින පෙරවරු 9.00 ට යාපනය නගරයේ “තිරුමරෙයි කලා කේන්ද්‍රයේදී” ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙහිදී මේ වන විටත් ඉදිකිරීම් පුහුණුව නිමකර ඇති තරුණ තරුණියන් 398 දෙනෙකුට රුපියල් 5,000/= බැගින් වටිනා වෘත්තීය උපකරණ කට්ටල් සහ රුපියල් 2,000/= බැගින් වටිනා නිල ඇඳුම් කට්ටල් පිරිනමන ලදී. මිට අමතරව රුපියල් 1,500/= බැගින් වටිනා විෂයානුබද්ධ පෙළපොත් පුහුණු කාලය අතරතුරදී ඔවුන් වෙත ලබා දී තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest