ශ්‍රී ලංකා ජාතික කාන්තා කරාතේ කණ්ඩායමේ නායිකා ඩී.පී.බී. දිනූෂා කුමාරි මෙනවිය වෙත නිවසක් පිරිනැමීම.

ශ්‍රී ලංකා ජාතික කාන්තා කරාතේ කණ්ඩායමේ නායිකා ඩී.පී.බී. දිනූෂා කුමාරි මෙනවිය වෙත නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද මොරටුව, අඟුලාන “ සයුරපුර“ මහල් නිවාස සංකීර්ණයේ නිවසක් පිරිනැමීම 2018.04.25 දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා අතින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති  සහ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අමුත්තන් පිරිසක් සහභාගි විය. ඩී.පී.බී. දිනූෂා කුමාරි මෙනවිය පාසල් අවධියේ සිට කරාතේ ක්‍රීඩාව මැනවින් ප්‍රගුණ කර ජාතික හා ජාත්‍යන්තර  වශයෙන් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් රන් පදක්කම්ලාභී දක්ෂ ක්‍රීඩිකාවකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest