“ශ්‍රී විභූතිගම” ජනතා අයිතියට පත් කිරීම

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කරන ලද 37 වෙනි උදාගම්මානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිවූ “ශ්‍රී විභූතිගම” වේ. මෙම ගම්මානය 2017.08.13 දින පෙ.ව. 10.00 ට ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
මෙම ගම්මානය මැදි ආදායම්ලාභී නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද අතර නිවාස ඒකක 29 කින් සමන්විතය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන අඩු පොළී නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන අනුව මෙම ගම්මානය ඉදි කර ඇත.
මෙම ගම්මානය ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දි ඇති සමස්ත ණය මුදල රුපියල් මිලියන 8.7 ක් වන අතර ප්‍රතිලාභී දායකත්වය රු. 25 346 000.00 කි. මෙම ගම්මානයේ ඉදිකර ඇති නිවාස වල වටිනාකම රු. 1 174 000.00 ක් වේ.
“ශ්‍රී විභූතිගම” පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත්ව සකස්කළ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විත වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest