ශ්‍රී සෝභිත නාහිමි ගම්මානය ඉදිකිරීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම‍

අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට ගෞරවයක් වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලපත්ගම හි ඉදිකිරීමට නියමිත සෝභිත නාහිමි ගම්මානය සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සවය 2017/07/14 දින අනුරාධපුරයේදී පැවැත්විණි. මෙම ගිවිසුමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ.අතුකෝරළ මැතිණියත් , ඉන්දීය රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතත් අත්සන් තැබූ හ.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නයද , ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා ද, හිටපු ජනපති ආර්යාව වන හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද, රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටිය හ.
ඉන්දියානු රජය යටතේ මෙම ගම්මානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 300 ක ආධාර මුදලක් ලබාදීමට නියමිත වේ. මෙම ව්‍යාපෘතිය යටතේ නව නිවාස 153 ක් ද, බහු කාර්යය ප්‍රජා ශාලාවක්, දාන ශාලාවක්, පුස්තකාලයක් සහ සංඝ ආවාසයන් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද සිදු කිරීමට අපේෂිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest