“සතිරගමගම” ජනතා අයිතියට පැවරීම

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 66 වැනි උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, කදුරුපොකුණ උතුර, ඉදිවූ “සතිරගම” වේ. මෙම ගම්මානය 2018/05/10 වන දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කරන ලදී.

නව නිවාස 30 කින් සමන්විත “සතිරගම” ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ 2016 මැයි මස 23 වැනිදාය. ගම්මානයේ නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙයද ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“සතිරගම” ගම්මානයේ මුළු භුමි ප්‍රමාණය අක්කර 02 ක් වන අතර ගම්මානයේ සෑම නිවසක්ම පර්චස් 10 ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍ර‍වේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය. මේ සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 19.2 කි.

මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී පහත සඳහන් ප්‍රතිලාභ ද ප්‍රදේශවාසි ජනතාවට හිමිවිය.

  • ගම්මානයේ නිවාසලභී පවුල් 30 සඳහා නිවාස හිමිකම් පත් ලබා දීම.
  • ප්‍රදේශවාසීන්ට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම.
  • ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී පවුල් 200කට රුපියල් ලක්ෂ 200ක වටිනාකමින් යුතු “විසිරි නිවාස” ණය චෙක්පත් ලබා දීම.
  • “විරු සුමිතුරු” නිවාස ආධාර වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 102 චෙක්පත් ප්‍රදානය.
  • “සතිරගම” නිවාස සමිතිය සඳහා පුටු ලබා දීම.
  • ප්‍රදේශයේ දෘශ්‍යාබාධ පුද්ගලයන් 298 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි ප්‍රදානය.
  • වකුගඩු රෝගී සහ දේශීය වෛද්‍ය සායන පැවැත්වීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest