“සදාවීර කැප්පෙටිපොලගම” ජනතා අයිතියට පැවරීම

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 147 වැනි උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, හබරත්තවල, ඉදිවූ “සදාවීර කැප්පෙටිපොලගම” වේ. මෙම ගම්මානය 2019.01.05 වන දින නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කරන ලදී.

නව නිවාස 24 කින් සමන්විත “සදාවීර කැප්පෙටිපොලගම” ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ 2016 දෙසැම්බර් මස 11 වැනිදාය. ගම්මානයේ නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙයද ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“සදාවීර කැප්පෙටිපොලගම” ගම්මානයේ මුළු භුමි ප්‍රමාණය අක්කර 3.5 ක් වන අතර ගම්මානයේ සෑම නිවසක්ම පර්චස් 20 ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍ර‍වේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය.

මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී පහත සඳහන් ප්‍රතිලාභ ද ප්‍රදේශවාසි ජනතාවට හිමිවිය.

  • ගම්මානයේ නිවාසලභී පවුල් 24 සඳහා නිවාස හිමිකම් පත් ලබා දීම.
  • ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී පවුල් 150 කට රුපියල් ලක්ෂ 150 ක වටිනාකමින් යුතු “විසිරි නිවාස” ණය චෙක්පත් ලබා දීම.
  • ප්‍රතිලාභීන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 200 ක වටිනාකමින් යුතු  “සොඳුරු පියස” නිවාස ණය ප්‍රදානය.
  • ප්‍රතිලාභීන් සඳහා RDB බැංකුව මගින් ස්වයං රැකියා ණය ප්‍රදානය.
  • ප්‍රදේශයේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා ඇස් කණ්නාඩි ප්‍රදානය.
  • ගම්මානයේ නිවාස සමිතිය සඳහා පුටු ලබා දීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest