“සමුදිගම” ජනතා අයිතියට පත් කිරීම

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 42 වැනි උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, වැලිවැව ඉදිවු “සමුදිගම” වේ. 2017.10.09 දින පෙරවරු 9.00 ට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් මෙම ගම්මානය ජනතා අයිතියට පැවරිණි.

නව නිවාස 22 කින් සමන්විත “සමුදිගම” ගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2016 ජූලි මස 18 වැනිදාය. නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු පොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙයද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදි වූ ගම්මානයකි.

“සමුදිගම”ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 05 කි. සෑම නිවසක්ම පර්චස් 20 ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය. ගම්මානය සඳහා වැය කර ඇති සමස්ථ මුදල රුපියල් මිලියන 13.2 කි.

මෙම ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදි මතු දැක්වෙන  ප්‍රතිලාභ ප්‍රදේශවාසී ජනතාවට හිමිවිය.

  • නිවාසලාභී පවුල් 22 සඳහා නිවාස හිමිකම් පත් ලබා දීම.
  • ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 300 කට රුපියල් ලක්ෂ 1,200 ක වටිනාකමකින් යුතු “විසිරි නිවාස ණය” චෙක්පත් ලබා දීම.
  • රුපියල් ලක්ෂ 190.5 ක වටිනාකමකින් යුතු “විරු සුමිතුරු” මූල්‍ය ආධාර ප්‍රධානය.
  • අභිනව ගම්මානයේ නිවාස සමිතිය සඳහා රුපියල් 16,819.00ක වටිනාකමකින් යුතු පුටු ප්‍රදානය.
  • වකුගඩු රෝගීන් සඳහා සායනයක් සහ ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්වීම.

 


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest