“සැමට සෙවණ” විසිරි නිවාස ණය ලබාදීම – කොළඹ දිස්ත්‍රික්කය

“සැමට සෙවණ” විසිරි නිවාස ණය වැඩසටහන යටතේ අවිස්සාවේල්ල ශාලාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 800 ක් සඳහා විසිරි නිවාස ණය ලබා දීමත්, කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 500 ක් සඳහා “සොඳුරු පියස” නිවාස ණය ලබා දීමේ හා කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් 1000 ක් සඳහා නිවාස හිමිකම්පත්‍ර ලබා දීමේ විශේෂ වැඩසටහනක් 2017.11.13 වන දින පෙ.ව. 4.00 ට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම උත්සවය සඳහා ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගරු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, ගරු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ යන මැති ඇමතිවරුන් ද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හා සාමාන්‍යාධිකාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest