“සිතුජයගම” ජනතා අයිතියට පත් කිරීම

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 47 වැනි උදාගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගහජදුර ග්‍රාමයේ ඉදිවූ “සිතුජයගම” වේ. මෙම ගම්මානය 2017.11.17 දින පෙ.ව. 09.30 ට ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කරන ලදී.

නව නිවාස 26 කින් සමන්විත “සිතුජයගම” ගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2016.07.19 වැනි දිනය. ගම්මානයේ නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු පොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙයද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

“සිතුජයගම” ගම්මානය මුළු භූමි ප්‍රමාණය අක්කර 3 ½ කි. සෑම නිවසක්ම  පර්චස් 20 ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය. ගම්මානය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 14.1 කි.

මෙම ගම්මානය ජනතා අයිතියට පත් කරීමේ උත්සවයේදී පහත සඳහන් ප්‍රතිලාභ ප්‍රදේශවාසී ජනතාවට හිමිවිය.

  • ගම්මානයේ නිවාසලාභී පවුල් 26 සඳහා නිවාස හිමිකම් පත් ලබාදීම.
  • ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500 කට “විසිරි නිවාස ණය” චෙක්පත් ලබාදීම.
  • දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් 218 දෙනෙකුට රුපියල් 174,000/= වටිනාකමින් යුතු ඇස් කණ්නාඩි ලබා දීම.
  • “සිතුජයගම” උදා ගම්මානයේ ප්‍රජා සමිතිය සඳහා රුපියල් 20,000/= ක් වටිනා පුටු ප්‍රදානය.
  • වකුගඩු රෝගීන් සඳහා සායනයක් සහ ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්විම.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest