“සියජයගම” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම.

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කරන ලද 34 වැනි උදාගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පඩව්ගම ඉදිවූ “සියජයගම”වේ. මෙම ගම්මානය 2017.07.22 දින පෙරවරු 10.00 ට ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවල යටතේ නව නිවාස 25 කින් සමන්විත “සියජයගම” ආදර්ශ ගම්මානයේ නිවාස ඉදිකර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන අඩු පොළී නිවාස ණය යෝජනා ක්‍රමය යටතේය. මේ සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 14.6 කි. සෑම නිවසක්ම පර්චස් 20 ක ගෙවත්තකින් සමන්විත වන අතර නිවැසියන්ට පිරිසිදු පානීය ජලය, විදුලිය ප්‍රවේශ මාර්ග හා විධිමත්ව සකස් කළ අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ලබා දී ඇත.
“සියජයගම” ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ වැඩ සටහනේදී පහත සඳහන් ප්‍රතිලාභ ජනතාවට හිමි විය.
• ගම්මානයේ නිවාසලාභී පවුල් 25 සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය.
• ප්‍රදේශවාසී පවුල් 105 කට ඔවුන් පදිංචි ඉඩම් සඳහා ඉඩම් බලපත්‍ර ලබා දීම
• ප්‍රදේශවාසී අඩු ආදායම්ලාභී පවුල් 400 කට රුපියල් ලක්ෂ 400 ක “විසිරි නිවාස ණය”ලබා දීම.
• “ශිල්ප සවිය” වැඩසටහන යටතේ ඉදිකිරීම් පුහුණුව ලබාදීම සඳහා තෝරාගත් තරුණ තරුණියන් 50 දෙනෙකුට රුපියල් 375,000/= ක වියදමින් වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇදුම් සහ විෂයානුබද්ධ පෙළපොත් ලබා දීම.
• අභිනව ගම්මානයේ නිවාස සමිතිය සඳහා රුපියල් 18,750/= ක වටිනාකමකින් යුතු පුටු 25 ක් ලබා දීම.
• වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක් පැවැත්වීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest