“Viludu Nagar” and “Subitcham Nagar” at Kokuvil, Manmunai North in Batticaloa district is the 141st and 142nd model villages vested in the public under the New Village Reawakening Programme. These villages were inaugurated by Hon.Sajith Premadasa, Minister of Housing and Construction on 20.10.2018.

The construction activities of “Viludu Nagar” and “Subitcham Nagar” villages consisted of 25 and 18 new housing units were begun on 01st of June 2016. The National Housing Development Authority has given housing loans at low interest to the beneficiaries to construct houses in these villages. These villages were constructed under the Community Participatory Housing Development Programme.

The total extents of these villages are 2.94 acres. Every housing unit in these villages has an area of 10 perches in extent. They have been provided with clean water, electricity, formally constructed access and an internal road system.

In the ceremony of entrusting the “Viludu Nagar” and “Subitcham Nagar” model villages to the public, following benefits were facilitated to the people

Housing titles were given to 25 and 18 recipient families in “Viludu Nagar” and “Subitcham Nagar” villages separately.
Scattered housing loan cheques worth Rs.10 Million were granted to 100 low income families in the area.
“Sonduru Piyasa” housing loans amounted to Rs.5Mn were given to 25 beneficiaries.
Housing aids valued at Rs.125Mn were granted to 250 low income families in the area.
Housing aids and loans worth Rs.10Mn. were given to beneficiaries in the area.
Self – employment loans by Regional Development Bank were given to beneficiaries in the area.
Spectacles were given to individuals with visual impairments in the area.
නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 141 හා 142 වැනි උදා ගම්මාන වන්නේ මඩකළපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ උතුර, කොකුවිල් හි ඉදිවූ “විලුදු නගර්” හා “සුබිට්චම් නගර්” වේ. මෙම ගම්මාන 2018.10.20 දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කරන ලදී.

නව නිවාස 25 කින් සමන්විත “විලුදු නගර්” ගම්මානයත් නිවාස 18 කින් සමන්විත “සුබිට්චම් නගර්” ගම්මානයේත් ඉදිකිරීම ඇරඹුණේ 2016 ජූනි මස 01 වැනිදාය. ගම්මානවල නිවාස ඉදිකරගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙම ගම්මානද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදි වූ උදා ගම්මාන වේ.

“විලුදු නගර්” හා “සුබිට්චම් නගර්” ගම්මාන දෙකෙහි වපසරිය අක්කර 2.94 ක් වන අතර ගම්මානවල සෑම නිවසක්ම පර්චස් 10 ක ගෙවත්තකින් සමන්විතය. ගම්මාන විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍ර‍වේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතිවලින්ද සමන්විත වේ.

මෙම ගම්මාන දෙක ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී පහත සඳහන් ප්‍රතිලාභ ප්‍රදේශවාසී ජනතාවට හිමිවිය.

“විලුදු නගර්” ගම්මානයේ පවුල් 25 සහ “සුබිට්චම් නගර්” ගම්මානයේ පවුල් 18 සඳහා නිවාස හිමිකම් පත් ලබා දීම.
ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 100 ක වටිනාකමින් යුතු “විසිරි නිවාස” ණය චෙක්පත් ලබා දීම.
ප්‍රතිලභීන් 25 දෙනෙකුට රුපියල් ලක්ෂ 50 ක වටිනාකමින් යුතු “සොඳුරු පියස” නිවාස ණය ලබා දීම.
ප්‍රතිලාභී පවුල් 250 ට රුපියල් ලක්ෂ 1250 ක් වටිනා නිවාස ආධාර ලබාදීම.
ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 100 ක් වටිනා නිවාස ණය සහ ආධාර ලබාදීම.
ප්‍රතිලාභීන් සඳහා RDB බැංකුව මගින් ස්වයං රැකියා ණය ප්‍රදානය.
ප්‍රදේශයේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා ඇස් කණ්නාඩි ප්‍රදානය.
... See MoreSee Less

View on Facebook

 

 

 

Pin It on Pinterest