ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගරයට බරක් නොවී පවත්වාගෙන යෑමට සූදානම්
- ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගරයට බරක් නොවී පවත්වාගෙන යෑමට සූදානම්…
- ඉදිරි දෙවසර තුළ අධිකාරිය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම් සකස්කර අවසන්…
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගරයෙන් යැපෙන ආයතනයක් බවට පත්නොවී පවත්වාගෙන යෑමට ඉදිරියේදී කටයුතු කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ඉදිරි දෙවසරක කාලය තුලදී අධිකාරිය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට මේ වනවිටත් සැලසුම් සකස් කර අවසන් බවද සභාපතිවරයා සඳහන් කරයි.
2019 – 2020 වසරවල පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමන්‍ය පෙළ (A-9) සමත් හා උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල වරම් හිමිකරගත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන සේවක මහත්ම මහත්මීන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ධෛර්ය කිරීමක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන 2012 වසරේදී ආරම්භ කර ඇත.
5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවකුට මසකට රුපියල් 300 බැඟින් වසරක 05කට රුපියල් 18,000 ක ශිෂ්‍යත්වයක්ද, අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගය සමත් දරුවකුට රුපියල් 500 බැඟින් වසර දෙකක් දක්වා රුපියල් 12,000 ක් සහ අ.පො.ස උසස් පෙළ විභාගය සමත් විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිකරගත් දරුවකුට මසකට රුපියල් 1,000 බැඟින් වසර 03 ක් හෝ වසර 04 ක් දක්වා රුපියල් 36,000 හෝ රුපියල් 48,000 ක ශිෂ්‍යත්වයක් ලබා දේ.
2012 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2020 වසර දක්වා වූ වසර 09 ක කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය නියුතු මහත්ම මහත්මීන්ගේ විභාගය සමත් දූ දරුවන් 529 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කර ඇත. ඒ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 13.029 කි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදලින් රුපියල් මිලියන 23 ක ස්ථාවර තැන්පතුවක් බැංකුවක පවත්වා ගෙන යමින් එයින් ලැබෙන පොලී මුදල මේ සඳහා ප්‍රයෝජනයට ගනු ලබන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක මහතා සඳහන් කරයි.
මේ වනවිට 2021 වසරේ විභාගයන් සඳහා අයඳුම්පත් කැඳවා ඇත. විභාගය සමත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියළුම සේවක මහත්ම මහත්මීන්ගේ දූ දරුවන්ට මේ ශිෂ්‍යත්වය ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකිය.
මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උප සභාපති ලක්ෂ්මන් ගුණවර්ධන මහතා, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්, සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු ඇතුළු ශිෂ්‍යත්වලාභී දරු දැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.