“ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

“ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන මෙම වසරේ පෙබරවාරි මස 01 වැනිදා කුරුණෑගල, ගිරිබාවේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදි. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා නිවාස 14,022 ක් ග්‍රාමසේවා වසම් මට්ටමින් ඉදි කෙරේ. එයින් නිවාස 4,040 ක වැඩ මේ වන විට ආරම්භ කර ඇති අතර නිවාස 46 ක් ජනතා අයිතියට පත්කර ඇත. 

මෙම නිවාස වැඩසටහනේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා නිළධාරීන් සමග සාකච්ඡා කරන ලදි. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest