”ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ , මහර නව නිවාස ජනතා අයිතියට

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය විසින්  “ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන  යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව නිවාස 10 ක් ජනතා අයිතියට පත් කිරීම අද දින (02) සිදු කෙරිණි.

මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිරිමැටියාගාර, දළුපිටිය දකුණ, මහර නුගේගොඩ, රන්මුතුගල, වෑඹොඩ නැගෙනහිර, නාරංවල, ඇටිකෙහෙල්ගල්ල බටහිර, විලිඹුල දකුණ, විලිඹුල උතුර සහ වරපලාන යන ප්‍රදේශවලදී මෙම නිවාස විවෘත කිරීම් සිදුකරන ලදි.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා, මහර ප්‍රා⁣දේශිය සභාවේ උප සභාපති අජන්ත වික්‍රමආරච්චි මහතා, ප්‍රාදේශීය දේශපාලඥයින් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කළමනාකාර අනිල් ප්‍රියන්ත මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *