දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලේ රෝහල් ගොඩනැගිලි නවීකරණය කර කොරෝනා රෝගීන් සඳහා රැඳවුම් හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීම

වසර 10 ක පමණ කාලයක් ප්‍රයෝජනයට ගත නොහැකිව අත්හැර දමා තිබූ දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලේ රෝහල් ගොඩනැගිලි නවීකරණය කර කොරෝනා රෝගීන් සඳහා රැඳවුම් හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීම අද දින (06)   ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ මහතා  විසින්  සිදු කරන ලදී.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කොවිඩ් මර්දන වැඩසටහන අනුව මෙම වාට්ටු කොරෝනා ආසාදිතයින් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගැනීමට නියමිතය.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ඊට අයත් අනුබද්ධිත ආයතන, දිවුලපිටිය ප්‍රාදේශීය සභාව, දිවුලපිටිය ප්‍රදේශවාසී ව්‍යාපාරික ප්‍රජාව සහ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සහාය ඇතිව මෙම ගොඩනැගිලි නවීකරණය කරන ලදි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *