නිවාස ඉදිකිරීම සඳහා පෙර පැවැති ද්විපාර්ශ්වික ගිවිසුම සංශෝධනය කොට නැවත අත්සන් තබයි

ඉන්දියානු ආධාර යටතේ මෙරට නිවාස ඉදිකිරීම සඳහා පෙර පැවැති  ද්විපාර්ශ්වික ගිවිසුම සංශෝධනය කොට නැවත අත්සන් කිරීමේ උත්සවය  අද (18) දින ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා විසින් සිදු කෙරුණි.

මෙම ගිවිසුම තුළ පැවති අඩුපාඩු හේතුවෙන් ජනතාව පත්වු තිබූ අපහසුතාවන්ට කඩිනමින් සහන ලබා දීමේ අරමුණින් අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම මත එය යළි සංශෝධනය කිරීමට තීරණය කෙරුණි. මේ යටතේ ආධාර මුදල් ලබා ගැනීමෙන් අනතුරුව ජනතාවට නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පවතී.

මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *