පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙත නිවාස ලබාදිමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ…

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සහ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර විශේෂ සාකච්ඡාවක් අද (10) දින අගරදගුරු නිල නිවසේදී පැවැත්විණි.

2019 පාස්කු ඉරිදා දින සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය සහ ආබාධිතවූවන්ගේ නිවාස කඩිනමින් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙහිදි රාජ්‍ය අමාත්‍යවරයා සහ කාදිනල් හිමිපාණන් සාකච්ඡා කරන ලදි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහනේ සියලු ප්‍රමාදයන් මගහරිමින් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest