නව පෙරසවි කොන්ක්‍රිටි අලෙවිසලක් අනුරාධපුරයට

ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ (NEMO) අනුරාධපුර, දහයියාගම, ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේ ආරම්භ කල කොන්ක්‍රීට් නිමැවුම් අලෙවි කිරීමේ මධ්‍යස්ථානය විවෘති කිරීමේ අවස්ථාවට අද (16)  දින සහභාගී විය.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සමඟ ඒකාබද්ධව ආරම්භ කළ මෙම මධ්‍යස්ථානය මඟින් සහනදායී මිලට කොන්ක්‍රීට් නිමැවුම් උපාංග මිලදී ගැනීමට සහ යාන්ත්‍රික හා යන්ත්‍රෝපකරණ සේවා ලබාගැනීමටද ජනතාවට අවස්ථාව හිමිවේ.

මෙම අවස්ථාවට ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *