බිම්බෝම්බ ඉවත් කිරීමේ අන්තර් ජාතික, දේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ රජය අතර වාර්ෂික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම

බිම්බෝම්බ ඉවත් කිරීමේ අන්තර් ජාතික, දේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ රජය අතර වාර්ෂික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අද (02) දින ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

මෙහිදි 2020 සහ 2021 වර්ෂ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළ අතර රජය වෙනුවෙන් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා සහ මැග් ආයතනය, හලෝ ට්‍රස්ට් ආයතනය, ඩෑෂ් ආයතනය සහ පාර්ප් ආයතනය යන අන්තර් ජාතික හා දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් විසින් මේ සඳහා අත්සන් කරන ලදි. 

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම අවස්ථාවට බිම්වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. ප්‍රේමචන්තිරන්, යුධහමුදා බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකයේ මේජර් ශමින්ද ඉලංගරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ අන්තර් ජාතික හා දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *