මිරීගම ආසනයේ ප්‍රතිලාභීන් 27 දෙනෙකුට පළමු වාරිකය ප්‍රදානය කිරීම

විෂයභාර අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ඔබට ගෙයක් රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ,  මිරීගම ආසනයේ ප්‍රතිලාභීන් 27 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ පළමු වාරිකය ප්‍රදානය කිරීම අද (11)  මිරිගමදී සිදු කෙරුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මියගේ ආරාධනය පරිදි සිදු කෙරුණු මෙම වැඩසටහන ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *