“මිහිඳු නිවහන ” නිවාස වැඩසටහනේ ව්‍යාපෘති වාර්තාව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරු වෙත පිළිගැන්වෙති.

බුදු සසුණට දරුවන් දායාද කළ මව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීමේ “මිහිඳු නිවහන ජාතික නිවාස වැඩසටහනේ” ව්‍යාපෘති වාර්තාව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන්ට පිළිගැන්වීම, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අතින් අද (12) දින මහනුවර මල්වතු සහ අස්ගිරි විහාරස්ථාන වලදී සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය මඟින් බුදු සසුණට දරුවන් පූජාකල නිවාස නොමැති දෙමව්පියන් සඳහා නිවාස ඉදිකර දෙනු ලබන අතර ඒ යටතේ පලමු වසර තුල නිවාස 2000 ක් ඉදිකිරීම සඳහා එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6 බැගින් මෙවර අයවැයෙන් මුදල් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කලේය.

මෙම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ අතර ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිලුම් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඊට සහභාගී වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *