“මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ අනුරාධපුර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය

මෙම නිවාස වැඩසටහන ආරම්භ කරමින් පූජ්‍ය බුද්ධන්නේගම අස්සජි හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර, බුද්ධන්නේගම ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීම මෙහිදී සිදු කෙරුණු අතර  මෙම ව්‍යාපෘතිය සදහා අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 70 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිනි.  

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද නාහිමි, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති මිරිසවැටිය රජමහා විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුන වැවේ ඥාණතිලක නාහිමි, ජේතවනාරාම රජමහා විහාරාධිකාරී පූජ්‍ය හල්මිල්ලෑව රතනපාල නාහිමි, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤාණන්ද නාහිමි ඇතුළු මහාසංඝරත්නය මෙම උත්සවය සඳහා වැඩම කළහ. 

මෙම අවස්ථාවට සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා ශේහාන් සේමසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත්, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපති පී.බී.එම්. ජයසුන්දර, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) සන්ධ්‍යා අබේරත්න, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී. සේනාරත්න යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *