රාජ්‍ය ඇමතිතුමා යාපනයේ අවතැන්වුවන්ගේ කදවුරු නිරික්ෂණය කිරිම

යාපනය, චුන්නාකම් දකුණ, සභාපති පිල්ලෙයි ප්‍රදේශයේ නිවාස අහිමිවූවන්ගේ කදවුර නිරීක්ෂණය කිරීම, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින සිදුවිනි.

කදවුරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම අවතැන් ජනතාව වෙනුවෙන් යාපනය තෙල්ලිපලෙයි මයිලඩි උතුර ප්‍රදේශයේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමේ අවස්ථාවටද අමාත්‍යවරයා සහභාගී විය. නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන අමාත්‍යාංශය සහ  ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙම නිවාස වැඩසටහන ක්‍රියාවට නංවයි.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *