“ලාවන්‍යා හයිට්ස්” මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල තැබීම

ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සංකල්පයක් මත මධ්‍යම පංතික ප්‍රජාව වෙනුවෙන් නිවාස 500,000 ක් ඉදිකිරීමේ වැඩසටහනේ 3 වැනි පියවර යටතේ ඉදිවන රාගම, දඹුවවත්තේ “ලාවන්‍යා හයිට්ස්” (Lavanya Heights) නිවාස යෝජනා ක්‍රමය සඳහා 2016/11/09 වැනි දින පෙරවරු 9.30 ට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් මුල්ගල තබන ලදී.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සී.එම්.එල් – එම්.ටී.ඩී පෞද්ගලික ඉදිකිරීම් සමාගම හා ඒකාබද්ධව ඉදිකරනු ලබන, නිවාස 124 කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය පිහිනුම් තටාක,ව්‍යායාම් මධ්‍යස්ථාන, ඇවිදින මං තීරු, සාප්පු සංකීර්ණ ඇතුළු සියළුම නවීන පහසුකම්වලින් සමන්විත වේ.

“ලාවන්‍යා හයිට්ස්” නිවාස යෝජනා ක්‍රමය රාගම නගරයේ පිහිටි උතුරු කොළඹ ශික්ෂණ රෝහල් පිවිසුම අසලින් දිවෙන රාගම දඹුව මාර්ගයේ  කිලෝමීටරයක් ගිය තැන පිහිටා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest