1985 වසරේ දී ජැමෙයිකාවේ කිංස්ටන් හි දී පැවැති එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම් සැසිවාරයේ දී එවකට අග්‍රාමාත්‍ය දිවංගත අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මත පදනම්ව එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක ජනාවාස දිනය 1986 වසරේ සිට අඛණ්ඩව නිවාස හා ජනාවාස අංශයට අදාල විවිධ වූ තේමාවන් යටතේ සැමරුම් සිදු කරනු ලැබීය.
ලෝක ජනාවාස දිනයේ අරමුණ නම් අපගේ නගර හා සුළු නගරවල තත්වය හා ප්‍රමාණවත් නිවසක් සඳහා සියලු දෙනාට හිමි මූලික අයිතිය පිළිඹිමු කිරීමයි. එසේම අපගේ නගර හා සුළු නගරවල අනාගතය ගොඩනැගීම සඳහා අප සියලු දෙනා හට බලයක් හා වගකීමක් ඇති බවට මුළු ලෝකයාටම පසක් කරලීමට එමගින් අපේක්ෂා කරයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1985 වසරේ දී සිය 40/202 යෝජනාව මගින් ලෝක ජනාවාස දිනය සම්මත කරන්නට යෙදුනු අතර එය ප්‍රථම වරට 1986 වසරේ දී සමරන ලදී. සෑම වසරක දී ම එක්සත් ජාතීන් විසින් ජනාවාස න්‍යාය පත්‍රයට අදාල වත්මන් ගැටළු මත පදනම්ව තෝරා ගනු ලබන නව තේමාවක් යටතේ ලෝක ජනාවාස දිනය සැමරීම සිදු කරනු ලබයි. සැමට ප්‍රමාණවත් නිවසක් සහතික කරන තිරසාර සංවර්ධන ප්රතිපත්තීන් ප්‍රවර්ධනය කිරීමේ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ අරමුණ සාක්ෂාත් කිරීම සඳහා මෙම තේමාවන් තෝරා ගනු ලබයි.
එක්සත් ජාතීන් විසින් සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳු දින ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
2017 ඔක්තෝබර් මස 2 දිනට යෙදුනු මෙවර ලෝක ජනාවාස දිනය සරිලන නිවසක – උරුමය සැමට යන තේමාව යටතේ සමරන ලදී.
පුර්ව ලෝක ජනාවාස දිනයන් හා තේමාවන්
වර්ෂය | තේමාව | ස්ථානය | |
---|---|---|---|
2015 | Public Spaces for All’ | ||
2012 | Changing Cities, Building Opportunities | Islamabad, Pakistan | |
2011 | Cities and Climate Change | Aguascalientes, Mexico | |
2010 | Better City, Better Life | Shanghai, China | |
2009 | Planning our urban future | Washington, D.C. | |
2008 | Harmonious Cities | Luanda, Angola | |
2007 | A safe city is a just city | The Hague, Netherlands | |
2006 | Cities, magnets of hope | Naples | |
Kazan | |||
2005 | The Millennium Development Goals and the City | Jakarta | |
2004 | Cities – Engines of Rural Development | Nairobi | |
2003 | Water and Sanitation for Cities | Rio de Janeiro | |
2002 | City-to-City Cooperation | Brussels | |
2001 | Cities without Slums | Fukuoka | |
2000 | Women in Urban Governance | Jamaica | |
1999 | Cities for All | Dalian | |
1998 | Safer Cities | Dubai | |
1997 | Future Cities | Bonn | |
1996 | Urbanization, Citizenship and Human Solidarity | Budapest | |
1995 | Our Neighbourhood | Curitiba | |
1994 | Home and the Family | Dakar | |
1993 | Women and Shelter Development | New York City | |
1992 | Shelter and Sustainable Development | New York City | |
1991 | Shelter and the Living Environment | Hiroshima | |
1990 | Shelter and Urbanization | London | |
1989 | Shelter, Health and the Family | Jakarta | |
1988 | Shelter and Community | London | |
1987 | Shelter for the Homeless | New York City | |
1986 | Shelter is my Right | Nairobi |
[widgets_on_pages id=”habitat”]