“විසිරී නිවාස ණය” ප්‍රදානය කිරීම – ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදයම්ලාභී පවුල් 500ක් සඳහා ස්වකීය නිවෙස්වල වැඩ නිමකර ගැනීමට හෝ අලුත්වැඩියා කටයුතු නිමකර ගැනීමට රුපියල් ලක්ෂ 375ක වටිනාකමකින් යුතු  “සැමට සෙවණ – විසිරි නිවාස ණය” පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් 2018.05.23 දින ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ මැදගම විහාරස්ථානයේදී පැවැත්විණි.

මීට සමගාමීව ප්‍රදේශයේ ප්‍රතිලාභී පවුල් 10කට රුපියල් ලක්ෂ 20ක වටිනාකමකින් යුතු “සොඳුරු පියස නිවාස ණය” ලබා දීම, පවුල් 02කට රුපියල් ලක්ෂ 07ක වටිනාකමකින් යුතු වකුගඩු ආධාර ලබාදීම, පවුල් 40කට හිමිකම් ඔප්පු 40ක් ලබාදීම හා අභ්‍යාසලාභීන් 76 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 38ක වටිනාකමකින් යුතු “ශිල්ප සවිය” ආධාර ලබා දීම ද සිදු කරන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest