“සපිරි මහල්” නිවාස වැඩසටහන
- මධ්‍යම පාන්තික නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය
මෙම වැඩසටහන යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මධ්‍යම ආදායම්ලාභීන් සඳහා දිවයින පුරා ප‍්‍රධාන නගර, අධිවේගී මාර්ග වල පිවිසුම් දොරටු, ප‍්‍රධාන මාර්ග හා දුම්රිය ස්ථාන වලට ආසන්න උප නගර කේන්ද්‍රකොට ගනිමින්, සියලූ පහසුකම් වලින් සපිරි මහල් නිවසක් සහනාදායී ණය පහසුකම් සමඟ ලබාදීමට අපේක්ෂිතය.
මේ සඳහා ඉඩම් රජය මඟින් ලබාදෙන අතර, යටිතල පහසුකම් නිවාස ව්‍යාපෘතිය දක්වා ලබාදීම එම සේවා සපයන රේඛීය අමාත්‍යාංශය හා ආයතන මඟින් සිදු කරයි. මෙම නිවාස වැඩසටහන තුල නිවාස සැලසුම් කිරීම, ඉදිකිරීම හා අලෙවිය අදාල නිවාස ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආයෝජනය සිදු කරන ආයෝජකයාගේ කාර්ය භාරය වන අතර, අධීක්ෂණය ග‍්‍රාමීය නිවාස සහ ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමඟ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරනු ලබයි. ඉදිකිරීම් ආරම්භ කරන ලද සෑම නිවාස ව්‍යාපෘතියකින්ම ඉදිකරන නිවාස ඒකක සංඛ්‍යාවෙන් 70% ක් මධ්‍ය ආදාම්ලාභීන් සඳහා වෙන් කෙරෙන අතර, ඉතිරි 30%ක අර්ධ සුඛෝපබෝගී නිවාස ප‍්‍රමාණය වෙළෙඳපොල අවශ්‍යතාවය මත අලෙවි කිරීමට ආයෝජකයාට ඉඩ අවස්ථාව ලබාදී ඇත.
මෙම වසරේදී ජනතා අයිතියට පත් කරන ලද නිවාස වැඩසටහන්
මවුන්ට් ක්ලිෆර්ඞ් ව්‍යාපෘතිය (අදියර 2* – හෝමාගම (නිවාස 142*
මේ වන විට ඉදිකිරීම් සිදුකරන නිවාස ව්‍යාපෘති,
සී බ‍්‍රීස් නිවාස ව්‍යාපෘතිය – වාද්¥ව – නිවාස 196 (ඉදිකිරීම් ප‍්‍රගතිය 61.98%*
ලාවන්‍යා හයිට්ස් ව්‍යාපෘතිය – රාගම – නිවාස 134 (ඉදිකිරීම් ප‍්‍රගතිය 49.96%*
- සොයිසාපුර පුනස්ථාපන නිවාස ව්‍යාපෘතිය
1970 දශකයේදී ඉදිකරන ලද සොයිසාපුර ව්‍යාපෘති භූමියෙහි පිහිටි ඉතා පැරණි හා අබලන් දෙමහල් අඩුකුලී නිවාස 48 ක් හා අනවසර පැල්පත් 24 ක් පුනස්ථාපනය කිරීම සඳහා නිවාස 100ක සොයිසාපුර පුනස්ථාපන නිවාස ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 60ක් ඉදිකර පුනස්ථාපන පදනම මත නිවාසලාභීන් පදිංචි කර අවසන් කර ඇත.
ඉතිරි ගොඩනැගිලි පෙර විකුණුම් පදනම මත ඉදිකිරිමට යෝජිත අතර ඒ අනුව, වර්ග අඩි 550 බැගින් වන නිවාස 30ක් (ගොඩනැගිලි 2ක්* ඉදිකිරීමට සැලසුම් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2021.02.22 දින ආරම්භ කර ඇත.
- යක්කල, වැරැල්ලවත්ත මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය
තරුණ පවුල්වලට නාගරික ප‍්‍රදේශ ආශ‍්‍රිතව දීර්ඝකාලීන පහසු ගෙවීමේ ක‍්‍රමයට මිලදී ගැනීමට හැකි වන පරිදි දිවයින පුරා විශේෂ නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, යක්කල, වැරැල්ලවත්ත ප‍්‍රදේශයේ නිවාස 500 කින් යුත් නිවාස ව්‍යාපෘතියක් අදියර 03 ක් යටතේ ඉදිකිරීමට යෝජිතය. එම නිවාස ව්‍යාපෘතිය පිහිනුම් තටාකයකින්, ක‍්‍රීඩා පිට්ටනියකින් හා වෙළඳසැල් ආදී අංගයන්ගෙන් සමන්විත වේ.
මෙහි පළමු අදියර ලෙස මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලක් තුල වර්ග අඩි 600 කින් යුත් නිවාස 132 ක් හා වර්ග අඩි 900 කින් යුත් නිවාස 22 ක් වශයෙන් මුළු නිවාස 154 කින් සමන්විත මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක‍්‍රමයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2021.07.26 දින ආරම්භ කර ඇත.
- තංගල්ල මහල් නිවාස ව්‍යාපෘතිය
මෙම මහල් නිවාස ව්‍යාපෘතිය 2019 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර මේ වන විට ඉදිකිරීම් කටයුතුද සිදු කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 30 ක් ඉදිකිරීමට අපේක්ෂිතය.
- මිහිඳුපුර නිවාස ව්‍යාපෘතිය
මිහිඳුපුර නිවාස ව්‍යාපෘතිය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක‍්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වන අතර මහල් 24 කින් සහ නිවාස ඒකක 560 කින් සමන්විත වේ. මෙම ව්‍යපෘතියේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත්තුව සීඞීසී ඉන්ඩස්ට‍්‍රියල් ඉන්ෆ‍්‍රාස් ලිමිටඞ් (CDC Industrial Infras (Pvt) Ltd) වෙත නැවත ප‍්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.