2021 ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමට, නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනයට අයවැය තුළින් විශාල මුදලක් වෙන් කෙරේ

2021 නව වසරේදී ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමට, නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනයට අයවැය තුළින් රජය විශාල මුදලක් වෙන්කර ඇති බවත්, එම සියලු සංවර්ධන කටයුතු අද සිට ආරම්භ කරන බවත්, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.   

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2021 නව වසරේ වැඩ ආරම්භ කරමින් “ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ඉහළ ලුණුගම ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (01) දින සහභාගී වෙමිනි

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *