කොළඹ 12, සංඝරාජ මාවතේ පිහිටි ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ (BMC) නවීකරණය කරන ලද සුපිරි වෙළඳ මධ්‍යස්ථානය විවෘත‍ කිරීම

කොළඹ 12, සංඝරාජ මාවතේ පිහිටි ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ (BMC) නවීකරණය කරන ලද සුපිරි වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීම අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සහභාගීත්වයෙන් අද (05) දින සිදු කෙරිණි.              

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය එකම ස්ථානයකින් සහනදායි මිලට ජනතාවට ලබා දීමේ අරමුණින් Mini Super Concept සංකල්පය යටතේ මෙහි නවීකරණ කටයුතු සිදුකර ඇත.

මෙම උත්සවයේදී ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ දරු දැරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන, ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මහේන්ද්‍ර විජේසේකර, එහි සාමාන්‍යාධිකාරී දිලුම් රත්නායක, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන යන මහත්වරුන් සහ අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්, රාජ්‍ය නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *